පසුගිය සති අන්තයේ ශ්‍රිලනිප දෙදින වැඩමුළුව අවසානයේ සම්මත කරගත් බව කියන දින සියයෙන් පසු මහ මැතිවරණයක් නොපවත්වා ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබෙන ජාතික ආණ්ඩු වැඩපිළිවෙලට ජනතා විමුක්ති පෙරමුණේ දැඩි විරෝධය එල්ල කර තිබේ.
එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරන්නේ අප්‍රේල් 23වැනි දින පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ පොරොන්දුවද ජනාධිපතිවරණයේ දී තිබෙන අතර ජනතාව එය අනුමත කර තිබෙන බවය. එමෙන්ම දැනට සිටින දූෂිත පාර්ලිමේන්තුව තව දුරටත් නොතිබිය යුතු බව එයින් ප්‍රකාශ වන්නේ යැයිද ඔහු අවධාරණය කරයි. මේ නිසා අප්‍රේල් මස 23වැනිදා ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් පාර්ලිමේන්තුව විසිරුවාහැරිය යුතු බව ඔහු අවධාරණය කර තිබේ.
Views: 0









