සිම්බාබ්වේට එරෙහිව ක්‍රිස් ගේල්ගෙන් සුපිරි ඉනිමක්!

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අද (24) ක‍්‍රිස් ගේල් සහ මාලන් සැමුවෙල්ස් පැවැත්වූ ලෝක වාර්තා සම්බන්ධතාව (ලකුණු 372) නිසා ලෝක කුසලාන ක‍්‍රිකට් වාර්තා පොත අලුත් කිරීම සමත් විය.

මෙහිදී ක‍්‍රිස් ගේල් (215) සහ මාලන් සැමුවෙල්ස් (නොදැවී 133) දෙවැනි කඩුල්ලට ලකුණු 372 ක ලෝක වාර්තාගත සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ. තරගයේ අවසාන පන්දුවේදී ක්‍රිස් ගේල් දැවී ගියේය. මෙහිදී ක‍්‍රිස් ගේල්ගේ ඉනිම පන්දු 147 කදී හතරේ 10 ක් හයේ පහර 16 ක් සමගින් වර්ණවත් විය. පන්දුවාර 50 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 372 ක් රැස්කිරීමට කොදෙව්වන් සමත් විය.

ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ මීට පෙර ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පැවති ඉහළම සබඳතාවය ඉන්දීය හිටපු පිතිකරුවන් වන සචින් තෙන්ඩුල්කාර් සහ රාහුල් ද්‍රාවිඩ් 1999 වසරේ නවසීලන්තයට එරෙහිව දෙවැනි කඩුල්ලට පැවැත්වූ ලකුණු 331 ක සම්බන්ධතාව වේ. එසේම ක්‍රිස් ගේල්ගේ මෙම ලකුණු 215 ලෝක කුසලාන ක‍්‍රිකට් ඉතිහාසයේ ක‍්‍රීඩකයකු ඉනිමකදී රැස්කළ ඉහළතම ලකුණු සංඛ්‍යාව මෙන්ම පළමු ලෝක කුසලාන ද්විත්ව ශතකය ද වේ.

දකුණු අප‍්‍රිකානු හිටපු පිතිකරු ගැරී කර්ස්ටන් 1996 ලෝක කුසලාන තරගාවලියේ රැස්කළ ලකුණු 188 මේ දක්වා ලෝක කුසලාන තරගාවලියක ඉනිමක ඉහළතම ලකුණු සංඛ්‍යාව ලෙස පැවතුණි.

 

Facebook
Twitter
LinkedIn