මහින්දට පාරා වළල්ලක්!

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් විශ්‍රාමික අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව දේශපාලන දෝෂාභියෝගයක් මගින් අගවිනිසුරු ධූරයෙන් ඉවත් කිරීමට එල්ල කරන ලද වත්කම් හෙළිදරව් නොකිරීම පිළිබඳ චෝදනාව මහින්ද රාජපක්ෂටම පාරාවළල්ලක් වී තිබේ. ඊට අදාළ නඩුව අද (24) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණ සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් ඉදිරිපත්කර තිබූ වාර්තා පිළිගත නොහැකි මට්ටමක පවතින බවය.

එනිසා අදාළ නඩුව සමථයකට පත් කරගැනීමට සූදානම් බව දන්වා තිබිණ. එහෙත් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ නලින් ලද්දුහෙට්ටි මහතා නඩුව සමථයකට පත් කරගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබේ. එම ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරන ලද නිලධාරීන්ට එරෙහිව නීති මගින් ක්‍රියා කළ යුතු බවද ලද්දුවහෙට්ටි මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

Facebook
Twitter
LinkedIn