වීරවංසගේ ආදරේ තරම

ව්‍යාජ තොරතුරු ලබාදී රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් සැකසීමේ චෝදනාවමත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශෂී වීරවංස එම ව්‍යාජ තොරතුරු ලබාදී ජා-ඇල පිහිටි පෞද්ගලික රක්ෂණ සමාගම් ශාඛාවකින් මාසික වාරිකය එක්ලක්ෂ විසිපන්දහසක (රු. 125,000) ජීවිත රක්ෂණයක් ලබාගෙන ඇති බව අනාවරණය වේ.

ඇයගේ රක්ෂණයේ වාර්ෂික වටිනාකම රුපියල් ලක්ෂ පහලොවක් (රු. 1,500,000) වේ.

මේ අතර මහේස්ත්‍රාත් අධිකරණය අද (24) බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාට නියෝග කර ඇත්තේ දැනට මාලබේ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන ශෂි වීරවංස මහත්මිය බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙසය.

කෙසේ නමුත් වීරවංස මහත්මිය රෝගී තත්වයෙන් පෙළෙන බැවින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට අවසර ලබාදෙන ලෙස ඇගේ නීතිඥයින් ඉල්ලා ඇත.

දැනට ඇය නේවාසිකව ප්‍රතිකාර ලබන රෝහලෙන් බැහැර කළ නොහැකි නම් හේතු දක්වන ලෙස එම පෞද්ගලික රෝහලේ ‍අධ්‍යක්ෂවරයාට මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වැඩිදුරටත් නියෝග කර තිබේ.

Facebook
Twitter
LinkedIn