මේ වනවිට යළි රට තුළ කොවිඩ් – 19 ආසාදිතයන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.
ජූලි 01 දිට ඊයේ (24) දින දක්වා ආසාදිතයන් 777දෙනෙකු පමණ වාර්තා වී ඇති අතර එහි වර්ධනයක් පෙන්නුම් කරන්නේ ජූලි 18 දින පමණ සිටය.
මේ අතර අද (25) සහ ඊයේ දෙදින තුළ කොවිඩ් මරණ 03ක් වාර්තා වී ඇති අතර ඔවුන් වයස අවුරුදු 60ට වැඩි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකි.
අද වාර්තා වූ මරණයට අදාල පුද්ගලයා මොණරාගල දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු වන අතර ඔහු කොවිඩ් ආසාදිතයෙකු බව අනාවරණය වී ඇත්තේ මියයාමෙන් පසු සිදු කරණ ලද රැපිඩ් පරීක්ෂාවේදීය. ඔහු මියයන තුරුම ප්‍රතිකාර ලබා ඇත්තේ සාමාන්‍ය වාට්ටුවක බවද වාර්තා වේ.
මූලාශ්‍ර worldometers
1









