QR ක්‍රමය හැදුවේ දෛනික ඉන්නධ ඉල්ලුම දෙන්න බැරිනිසා බව ඇමති කියයි

QR ක්‍රමය හැදුවේ දෛනික ඉන්නධ ඉල්ලුම දෙන්න බැරිනිසා බව ඇමති කියයි

ඉන්ධන බෙදාහැරීම සඳහා QR ක්‍රමවේදය හඳුන්වා දීමට පියවර ගනු ලැබුවේ බලශක්ති අමාත්‍යාංශයට දෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලීමට නොහැකි නිසා බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් පවසයි.

මේ අතර විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ඉදිරි මාස 12 තුළ ඉන්ධන ආනයනය කිරීමද සීමා කිරීමට සිදුවන බව ඔහු එම ට්විටර් පණිවුඩය මගින් අවධාරණය කරයි.

ඉන්ධන සංචිත ප්‍රමාණවත් ලෙස රට තුළ තිබුණු කාලයේදී පවා සෑම පිරවුම්හළකටම ඉන්ධන බෙදාහැරීම සිදුකිරීම ප්‍රායෝගිකව සිදුකළ නොහැකි වූ බවද ඇමති කංචන විජේසේකර එම ට්විටර් පණිවුඩය මගින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Facebook
Twitter
LinkedIn