වඳුරු උන ලංකාවට එන්න පුළුවන්

වඳුරු උන ලංකාවට එන්න පුළුවන්

වඳුරු උන (monkeypox) වෛරසය ශ්‍රී ලංකාවටද ඇතුළු වීමේ හැකියාවක් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති වේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

කෙසේ වෙතත් කොරෝනා වෛරසයට වඩා මෙම වෛරසය පැතිරෙන වේගය අඩු බවද ඔහු සඳහන් කරයි.

මංකි ෆොක්ස් බාහිර රෝග ලක්ෂණවලින් පැහැදිලිව හඳුනාගත හැකි බවත් එසේ හඳුනාගත හැකි හෙයින් රෝගීන් ඉතා ඉක්මනින්ම නිරෝධායනයට යොමු කිරීමට හැකියාව පවතින බවත් ඔහු පෙන්වාදෙයි.

මෙම රෝගීන් හඳුනාගැනීමේ රසායනාගාර පහසුකම් තම විශ්වවිද්‍යාලයේ ප්‍රමාණවත් පරිදි පවතින බවද ඔහු පෙන්වාදෙයි.

Facebook
Twitter
LinkedIn