කුරුණෑගල, යග්ගහපිටිය ඉන්ධන පිරවුම්හලේදී ඉන්ධන ලබාගැනීමට පැමිණි තරුණයෙකුට පහරදුන් යුද හමුදා නිලධාරියා වාහාම ක්‍රියාත්මක වන පරිදි රාජකාරිවලින් තාවකාලිකව ඉවත් කළ බව යුද හමුදාව පවසයි.
එම සිද්ධිය පිළිබඳව යුද හමුදාව ක්‍රියාත්මක කර තිබෙන පරීක්‍ෂණය අවසන් වන තෙක් එම රාජකාරිවලින් ඉවත්කිරීම බලපැවැත්වෙන බවද යුද හමුදාවේ උසස් නිලධාරියෙකු පැවසීය.
ඉතා විනයානුකූලව කටයුතු කළ යුතු ආරක්ෂක හමුදාවක ඉහළ නිලධාරියෙකු මෙලස නොමනා ලෙස හැසිරිම රටක ආරක්ෂක හමුදාවේ පහළ සාමාජිකයන්ට සපයන ආදර්ශය ඉතාමත් වැරදි සහගත බවත් එම නිසා මෙවැනි ක්‍රියාවලදී තදින් කටයුතු කළ යුතුව ඇති බවත් රටේ වත්මන් තත්වය තේරුම්නොගෙන, මේ මොහොතේ රට තුළ පැනනගින් යම් යම් උණුසුම්කාරී තත්වයන් පාලනය කළ නොහැකි බවත් සමාජ විශ්ලේෂකයෝ සඳහන් කරති.
0










