ජ්‍යෙෂ්ඨත්වය අනුව තමාට කිසිඳු ජනාධිපතිවරයෙකුගෙන් සාධාරණය ඉෂ්ඨ නොවූ බව විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රකාශ කරයි. තමන් කඩේ ගියේ පක්ෂයට මිස කිසිදු නායකයෙකුට නොවන බවත් මේ නිසා තමන් අසාධාරණයට ලක් වූ බවත්, ඔහු පිළිගැනීම සඳහා බදුල්ලේ පැවති උත්සවයකදී පැවසීය.
මීලඟ මහා මැතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් අත්වැල් බැඳගන්නා බව විපක්ෂනායකවරයා වැඩිදුරටත් මෙහිදී හෙළි කළේය.
Views: 0








