විම්ල‍්ගේ සොහොයුරාගේ ගැරීම් හෙළි වේ

විමල් වීරවංස හිටපු අමාත්‍ය‍වරයාගේ වැඩිමහල් සොහොයුරු සරත් වීරවංශට අයත් වත්කම් රාහියක් උපයාගත් ආකාරය බරපතල සැකයට තුඩු දී ඇති බව අනාවරණය වේ.

ඔහු දැනට පදිංචිව සිටින අංක 115, දියවන්නා උද්‍යායනය, බත්තරමුල්ල යන ලිපිනය නිවාස සංවර්ධ අධිකාරි‍ය සතු එකක්ය. මෙම නිවාස ලබා දී ඇත්තේ ඇමතිවරුන්ට බව අනාවරණය වේ. එය මොහු ලබාගත්තේ කෙසේදැයි ගැටළුවක්ව පවතී.

මේයට අමතරව KT5335 දරණ මිට්ෂුබිසී ජීප්රථය සරත් වීරවංසගේ බිරිඳගේ නමින් ලියාපදිංචි කර ඇත. HU9099 දරණ මෝටර් රථය සහ 65-1695 දරණ ජීප් රථයද මොහු සතුව තිබෙන බව හෙළි වේ. මෙයට අමතරව මොහු දෙහිවල ප්‍රදේ‍ශයේ රූපලාවන්‍යාගාරයක්ද පවත්වාගෙන යමින් සිටී.

ඉහත සඳහන් ලිපිනයේ මොහු පදිංචියට යන අවස්ථාවේ මොහු සතුව යතුරුපැදියක් හෝ නොතිබූ බැවින් මේ සා වත්කම් ප්‍රමාණයක් වසරක 6ක් ඇතුළත උපයාගත්තේ කෙසේදැයි නිවාස සංවර්ධව අමාත්‍යාංශයේ පිරිස් ප්‍රශ්න කරති.

Facebook
Twitter
LinkedIn