පසුගිය රජය කාලයේ සිදුවූ මහා පරිමාණ වංචා දූෂණ සේවීමට විශේෂ ජනාධිපති කොමිසමක් ලබන සතියේ පත් කරන බව ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා පවසයි.
පදවි, තනතුරු, පක්ෂ හා පුද්ගලයන් කවුදැයි නොබලා මෙම කොමිසම කටයුතු කරන බවත් රජයේ දේපළ අවභාවිතාවේ යෙදවූ, රජයේ සම්පත් වැනසූ, ජනතා මුදල් සොරකම් කළ, වංචා කළ හා කොල්ලකෑ සියලු දෙනාම මෙම කොමිසම හමුවට පමුණුවන බවත් ජනපතිවරයා කියා සිටී.
“නව රජය පත්වී මාසයක් ගතවුණා. වංචාවට, දූෂණයට, හොරකමට, නාස්තියට එරෙහිව ක්රියා නොකරන්නේ ඇයි දැයි මටත් ප්රශ්නයක්. ජනතාව ඒ දෙස බලා සිටිනවා. දැනුත් ප්රමාද වැඩියි” යනුවෙන් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
Views: 0









