මහින්ද කහඳගම අත්අඩංගුවට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ මහ නගර සභා මන්ත්‍රීවරයෙකු වන ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති මහින්ද කහඳගම මහතා කොළඹ වංචා විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ මුදල් වංචා චෝදනා සම්බන්ධයෙන් සැකපිට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

ඔහු පසුගිය රජය කාලයේ සහන මිලට ස්වයං රැකියා සඳහා ත්‍රී රෝද රථ සහ කුඩා ලොරි ලීසිං ක්‍රමයට ලබාදීමට මුල් වී කටයුතු කළ අයෙකු වන අතර පැවත් ආණ්ඩුවට එරෙහිව සිදුකළ විරෝධතා පාගමන්, උද්ඝෝෂණ ආදියට කඩා පනිමින් මැරයන් යොදවා පහරදීම් ආදී ප්‍රචාණ්ඩා ක්‍රියා මෙහෙයවීම්ද ඔහු අතින් සිදුවිය.

Facebook
Twitter
LinkedIn