පොලිසියෙන් ගෑස් බෙදයි

පොලිසියෙන් ගෑස් බෙදයි

හෙට (13) දිනයේ ගෑස් බෙදාහැරීම සිදුකරනු ලබන්නේ පොලිසිය හරහා බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

එහි පළමු පියවර ලෙස කොළඹ නගර සීමාවට ගෑස් 15,000ක් හෙට නිකුත් කිරීමට නියමිත බවත් එම ගෑස් පොලිසියේ මැදිහත්වීමෙන් බෙදාහරින ආකාරය පිළිබඳව මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවත් එම සමාගමේ නිලධාරියෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

ලිට්‍රෝ සමාගමේ ගෑස් ලොරි රථවලින් ගෑස් අදාල ප්‍රදේශවල ක්‍රීඩාංගණ වෙත ගෙන ගොස් පොලිස්යේ සෘජු මැදිහත් වීමෙන් අළෙවි කිරීමට සැළසුම් කර ඇති බව සඳහන් කරන එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කරන්නේ කරන්නේ මීට පෙරද පොදු ක්‍රීඩාංගණවල මෙලෙස ගෑස් නිකුත් කර ඇති බවය.

කොලඹ ආමර්වීදිය ප්‍රදේශයේදී පසුගිය සතියේ ගෑස් මංකොල්ලකෑමේ සිද්ධියක්ද වාර්තා විය. කෙසේ වෙතත් පසුව වාර්තා වූයේ එම ගෑස් ලබාගත් ජනතාව ඊට අදාල මුදල් ලබා දුන් බවය.

Facebook
Twitter
LinkedIn