තමන් වත්මන් ජනාධිපති ගෝටාබය රාජපක්ෂ යටතේ තමන් අගමැති ධුරය ලබාගෙන ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව නිල විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.
ඔහ ඉතා හදිසියේ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කර ඇති අතර එහි මූලික කරුණු 04ක් සඳහන් කර ඇත. එම කරුණු 04 වන්නේ,
- නිෂ්චිත අවම කාල රාමුවක් තුළ ජනාධිපති ධුරයෙන් ඉවත්වීමට එකඟ වීම,
- සති දෙකක කාලයක් තුළ සියලු පක්ෂ එකඟතාවයෙන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම,
- දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපති ධුරය අහෝසි කිරීමට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මත අවම කාලයක් තුළ ක්‍රියාත්මක වීම,
- ජන ජීවිතය යථා තත්වයට පත්කර නීතියේ ආධිපත්‍ය තහවුරු කර ඉතා ඉක්මන්නි මහා මැතිවරණයක් පවත්වා නව රජයක් පිහිටු වීම එම කරුණු හතර වෙයි.
තමන් මෙම එකඟතාවයට එන්නේ පසුගියදා ජනාධිපතිවරයා හා තමන් අතර ඇති වූ දුරකථන සංවාදයත් මහා සංඝරත්නයේ ඉල්ලීමක් සළකා බලා බවද ඔහු සිය ලිපියේ වැඩිදුරටයත් සඳහන් කරයි.

Views: 0










