මේ වනවිට මෙරට ගෘහස්ත සැපයුමට අවශ්‍ය ගෑස් නොමැති බවත් නිකුත් කිරීම සිදු නොකරන බවත් ලිට්රෝ ගෑස් සමාගම පවසයි.
දැනට තමන් සතු LP ගෑස් තොග අතරින් සැපයීම කරන්නේ කර්මාන්ත සඳහා පමණක් බව එම සමාගම සඳහන් කරයි.
එම හේතුව නිසා ගෑස් ලබාගැනීමට පෝලිම්වල නොසිටින ලෙස ලිට්රෝ ගෑස් සමාගම සිය පාරිභෝගිකයන්ට දන්වා සිටී.
මේ වනවිට ලිට්‍රෝ ගෑස් සැපයුම නතර වි ඇත්තේ පසුගිය කාලය පුරාම ලාෆ් සමාගමද ගෑස් නිකුත් කිරීම නවතා දම ඇති පසුබිමකය.
Views: 0









