මහින්ද ඕනෑ… පළාත් පාලන ආයතනවලින් ගෙනා සේවකයෝ කියති…

මහින්ද ඕනෑ… පළාත් පාලන ආයතනවලින් ගෙනා සේවකයෝ කියති…

අගමැති මහින්ද රාජපක්ෂට ධුරය අත් නොහරින ලෙස සඳහන් කරමින් මේ වනවිට විශාල පිරිසක් අරලිය ගහ මන්දිරය ඉදිරිපිටට පැමිණි සිටිති.

මෙම ස්ථානයට රැස්වී ඇත්තේ පොහොට්ටුවට බලය හිමි පළාත්පාලන ආයතනවල ස්ථීර නොකළ සේවකයින් සහ යම් බලපෑමක් මත රැගෙන ආ හැකි සේවකයින් පිරිසකි.

“රටේ මිනිස්සු යන්න කියන්නේ වෙන කෙනෙකුට… ඔබ තුමා යන්නේ මොකටද?” “ජනාධිපති තුමාට යන්න කියන්න… ඔබතුමා ඉන්න.. අපිට ඔබතුමා ඕනෑ…” ආදී සටන්පාට කියමින් ඔවුන් හඬනගන අයුරුද දක්නට ලැබේ.

පළාත් පාලන ආයත සංසදය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇති නමුත් මෙය අගමැතිවරයා තම බය ජනාධිපතිවරයාට පෙන්වීම සඳහා සූදානම් කර ඇති විරෝධතාවයක් බවටද දේශපාන විචාරකයෝ සඳහන් කරති.

Facebook
Twitter
LinkedIn