මේ භික්ෂු රැලිය පවත්වන්නේ රටේ දැවැන්තම අර්බුදය නිර්මාණය වී ඇති මොහොතක යැයි ජාතික භික්ෂු පෙරමුණේ කළුතර දිස්ත්‍රික් ලේකම් ශ්රාෂ්ත්රපති මීගස්ජඳුරේ සීලානන්ද හිමියෝ පවසති.
ඒ මිහියෝ මේ බව පැවසූවේ මේ වනවිට කොළඹ හයිඩ් පිටියේ පැවැත්වෙන ජාතික භික්ෂු පෙරමුණේ රැලියේ අදහස් දක්වමිණි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජාතික භික්ෂු පෙරමුණේ කළුතර දිස්ත්‍රික් ලේකම් ශ්රාෂ්ත්රපති මීගස්ජඳුරේ සීලානන්ද හිමියෝ,
“මේ ලාංකික භූමියට, ලාංකික සමාජයට අනුසාසකත්වය සපයන භික්ෂු සංවිධානයක් හැටියට අපි තීරණය කළා රටට අවශ්‍යම මොහොතේ ජාතික භික්ෂු රැලියක් පවත්වලා අපේ අරමුණ බවට පත්වුණු ජනතාවාදී පාලනයකට අදාල කරන නිසි මගපෙන්වීම සිද්ධ කිරීමට.
අද ඔබ දන්නවා මේ වනවිට ගෞරවනීය හාමුදුරුවන් වහන්ස, මේ ජාතික රැලිය පවත්වනකොට අපේ ආදරණීය මාතෘ භූමිය ඉතිහාසයේ කිසිදු දවසක නොවූ විරූ විහිදහට සෑම ක්ෂේත්රයකින්ම බිඳවට්ටලා තිබෙනවා. ඔබ දන්නවා මේ වනවිට අපේ රටේ දැවැන්තම දැවැන්ත ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ දැවැන්ත ආර්ථික අර්බුදය පෙන්නන ප්රකාශනයන් තමයි ඔබවහන්සේලා අපි මේ පාරේ වඩිනකොට අර අපිට දානය සපයන අපට සිව්පසේ සපයන අපේ ආදරණීය දායක දායිකාවෝ, ශ්‍රී ලාංකික පුරවැසියන් අර පෝලිම්වල ඉන්නවා දකින්නේ. ඒ තමයි ආර්ථික අර්බුදයේ ප්‍රකාශන. ඒ වගේම කිරි පැකැට්එක ගන්න බැරුව කුසගින්නේ ගෙවල්වල ඉන්න අපිට දානය සපයන අම්මලා තාත්තලාගේ දරුවෝ වෙනුවෙන් ඉතාමත් දුක්ඛිත ස්වභාවයකට ඇද දමපු සමාජයක තමයි අපි ජීවත්වෙන්නේ.
ඕනෑම ගැටළුවකට හේතුවක් තිබෙනවා වගේම මේ ආර්ථික අර්බුදයටත් හේතුවක් තිබෙනවා. අන්න ඒ හේතුව හොයලා අන්න ඒ හේතුව මේ සමාජ දේහයෙන් අයින් කරන තාක්කල් මේප්රශ්නය විවිධ ආකාරයෙන් මතුවෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි අපේ රට වසර 74ක් පුරාම අරන් ආපු මේ සමාජ ආර්ථික ක්‍රමය, ඉතාමත්ම වැරදිසහගතයි කියලා කියන්නේ. ඒ වැරදිසහගත ආර්ථික කමය නැමති හේතුව පැත්තකටදාලා, ජනතාවාදී පාලනයකි ස්ථාපිත කරගැනී මේ උත්තුංඝ අදහස පෙරදැඩි කර ගැනීමේ මහා ගැඹුරු ඇමුණක් සඳහා තමයි ජාතික භික්ෂු පෙරමුණ මේ වෙලාවේ දිස්ත්‍රික් මට්ටමින් ජාතික මට්ටමින් එකතුවෙමින් ඉන්නේ.”
වත්මන් දේශපාන ආර්බුදය නිර්මාණය වී ඇත්තේද මෙම ආර්ථික අර්බුදය හේතුවෙන් බවත් මෙම දේශපාලන අර්බුදය විසඳා දේශපාලනමය වශයෙන් රට ස්ථාවර නොකර මෛ ආර්ථිකය අර්බුදය විඳය නොහැකි බවත් උන්වහන්සේ මෙහිදී පැවසීය.









