කුම්භාණ්ඩයෝ, විශ‍්‍රාම වැටුපට අරක් ගනිති

විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ පවතින දැඩි අකාර්යක්ෂමතාවය නිසා මේ වනවිට වැන්දඹු සහ අනත්දරු විශ‍්‍රාම වැටුප් අංකය ලබාගැනීමට ඉදිරිපත් කර තිබෙන අයදුම්පත් හතළිස් දහසක් පමණ එම දෙපාර්තමේන්තුවේ ගොඩගැසී තිබෙන බව හෙළිවේ.

මෙම තත්වය නිසා විශ‍්‍රාම යාමට නියමිත වයසේ සිටින දහස් ගණනක් දෙනා අතිශය පීඩාවට පත්ව සිටිති.

මෙම අදාළ අංක ලබාදීම දෙපාර්තමේන්තුවේ ලිපිකරුවන් විසින් මුලදී කරගෙන ගොස් තිබෙන අතර, දිනකට අංක 500කට අධික සංඛ්‍යාවක් නිකුත් කර ඇත. එහෙත් 2013 සිට එය පරිගණක ගත කිරීමෙන් පසුව අංක නිකුත් කිරීමට දිනකට 100 හෝ 150ක්  උපරිමයකට සීමා වී ඇති බව හෙළිවේ. මේ නිසා අයදුම්පත් ගොඩගැසී ඇති අතර, ප‍්‍රශ්නය විසඳීමට අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු වගකිය යුතු කිසිවෙකුත් කි‍්‍රයාකරන්නේ නැති බවද හෙළිවේ.

Facebook
Twitter
LinkedIn