අද (06) ක්‍රියාත්මක කෙරෙන එක් දින හර්තාලය උදෑසන වෙනවිට ආරම්භ කර තිබූ අතර වෘත්තීය සමිති බහුජන ව්‍යාපාර දේශපාල පක්ෂ ඇතුළු විවිධ සංවිධාන 2000කට අධික ප්‍රමාණයක් මේ සඳහා සක්‍රීයව දායක වී සිටිති.
මෙයට පෙර හර්තාලයට සහභාගීවීම සම්බන්ධයෙන් අවසන් එකඟතාවයක නොසිටි පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය, ලංකා ගමනාගමන මණ්ඩලය ඇතුළු සංවිධාන රැසක් ද මේ වෙනවිට හර්තාලය සමඟ එක්වී ඇත. පොදු ප්‍රවාහනය මුළුමනින්ම අඩපණවී ඇති අතර රාජ්‍ය අංශය පෞද්ගලික අංශය සහ වතු අංශයද කඩ සාප්පු බේකරි ආපන ශාලා ඇතුළු අනෙකුත් සියලු ක්ෂේත්‍ර ද මෙම හර්තාල් ව්‍යාපාරය සමඟ සක්‍රීයව එක්වී සිටිති.
රට පුරා පවතින තත්වය පිළිබඳව විශේෂයෙන්ම ජාත්‍යන්තර මාධය සහ රාජ්‍ය තාන්ත්‍රික අංශ රැසක් දැඩි අවධානයකින් පසුවන බව ජාත්‍යන්තර මාධ්‍යවලින් වාර්තා වේ.
Views: 0









