මැයි 06 හර්තාල් ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මැදිහත් වන බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයට සම්බන්ධ සියලුම වෘත්තීය සමිති ඊට සම්බන්ධ වන බවත් එහි නායකයෝ ප්‍රකාශ කරති.
හෙට (06) පවත්වන හර්තාලය සම්බන්ධයෙන් අදහස් දක්වන වෘත්තය සමිති නායකයින්,
“රාජ්‍ය අංශයෙ, පෞද්ගලික අංශයෙ, අර්ධ රාජ්‍ය අංශයෙ, වතු ක්ෂේත්රයෙ වෘත්තිය සමිති, අපිට සම්බන්ධ සියලු වෘත්තීය සමිති 6 වනදා හර්තාල් ව්‍යාපාරය සාර්ථක කරන්න අපි වර්ජනයෙ නිරත වෙනවා.
අපි කියනවා ගේ ඉස්සරහ දාන්න කලු කොඩියක්. තමන්ගෙ ත්‍රීරෝද රථයෙ කලු කොඩියක් දාගෙන ගමන්බිමන් යන්න. දවසේ යම් වෙලාවක සියලුම වාහනවලට පුලුවන් එකම මොහොතක තමන්ගෙ වාහනෙ නලාව ශබ්දකරලා විරෝධතාවෙට එකතුවෙන්න. මේ රටේ වරායල් නැවතිලා. මේ රටේ රෝහල්වල වැඩ නැවතිලා. කාර්යාල වැහිලා. පෞද්ගලික අංශෙ කර්මාන්තශාලා වහලා. කඩසාප්පු වහලා. වෙළඳ කලාප වැහිලා සේවකයෝ ඉස්සරහට ඇවිල්ලා මේ ආණ්ඩුවට විරෝධතා දක්වනවා. පෙත්සම් අත්සන් කරලා. සංගීතයෙන් විරෝධය දක්වන, නාට්‍ය පෙන්වමින් විරෝධය දක්වන, දන්සල් දෙමින් විරෝධය දක්වන එදා දවසේ විරෝධය දක්වන මේ හර්තාල් ව්‍යාපාරයත් එක්ක එකතුවෙන්න. වාහනෙ යන එක වෙනුවට වාහනය නවත්වලා පාරට ඇවිත් විරෝධය දක්වන්න.
ඒ වගේම අපි දේශපාලන පක්ෂ වලට කියනවා දැන්වත් වෙනස්වෙලා තමන්ගෙ බහුජන සංවිධාන සම්බන්ධ කරන්න. තමන්ගෙ පක්ෂවල සාමාජිකයන්, තමන්ගෙ පක්ෂවල සංවිධානවලට කරුණාකරලා මේකට අවංකව මැදිහත්වෙන්න කියන යෝජනාව කරනවා.
ඒ නිසා අපි ගෝටාභය රාජපක්ෂ ඇතුලු ආණ්ඩුවට කියනවා දැන්වත් පලයල්ලා පව් නොදී තවදුරටත් මේ රට අඩපන කරන්නෙ නැතිව. අද රටේ පාලනයක් නෑ. දැන් ඉතිං ඕගොල්ලන්ට බෑ. ඕගොල්ලො පේල්. බැහැලා යන්නෙ නැත්තං මේ රටේ වැඩකරන ජනතාව, සමස්ත ජනතාවත් එක්ක එකතුවෙලා සූදානම් කනෙන් ඇදලා එලියට දාන්න.
හොරකම් කරපු හැම සතයක්ම නැවත මේ රටේ ජනතාව වෙනුවෙන් පවරාගෙන, ඒ හොරුන්ට වංචනිකයන්ට දඩුවම් කරන පාලනයක් නිර්මානය කිරීම දක්වා මේ අරගලය ඉදිරියට ගෙනයන්න අපි සූදානම්.”









