ඉතිහාසගත ලෙස රුපියල බාල්දු වෙයි

ඉතිහාසගත ලෙස රුපියල බාල්දු වෙයි

ලංකාවේ ප්‍රධාන පෙළේ වාණිජ බැංකුවල සහ රාජ්‍ය බැංකු කිහිපයක ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 375 ලෙස අද (05) උදෑසන සටහන් විය.

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල මෙරට ඉතිහාසයේ මෙතරම් අගයකට පහළ වැටුණු පළමු අවස්ථාව මෙය වේ.

එමෙන්ම අද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දෛනික විදේශ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 356.83ක් වූ අතර විකුණුම් මිල රුපියල් 369.99ක් විය.

Facebook
Twitter
LinkedIn