මේ වනවිට පවතින මිල ගණන් යටතේ ලබන දෙසැම්බර් මාසය දක්වා ඉන්ධන ලබාදීම සිදුකළහොත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට මහ බැංකුවෙන් සහ මුදල් අමාත්‍යාංශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 550ක මුදලක් ලබා ගැනීමට සිදුවන බව බලශක්ති ඇමති කාංචන විජේසේකර අද (05) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අවසන් වරට ඉන්ධන මිල ගණන් සංශෝධනය කරන විට අමෙරිකානු ඩොලරය රුපියල් 330ක් පැවතිය බවත් එය මේ වනවිට රුපියල් 360ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් සඳහන් කරන ඇමති කන්චන විජේසේකර ඉකුත් අප්‍රේල් මස 18 වෙනිදා අවසන්වරට සිදුකළ ඉන්ධන මිල සංශෝධනයෙන් පසුවද මේ වනවිටත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන බවත් එහිදී පැවසීය.
අප්‍රේල් මස 18 වෙනිදා ඉන්ධන මිල සංශෝධනය කිරීමට පෙර ලංකා ඛනිජ තෙල් සංස්ථාව දෛනිකව රුපියල් මිලියන 1,613ක පාඩුවක් ලැබූ බවද ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
Views: 0










