ආගමන හා විගමන නිලධාරීන් VIP සේවාවලින් ඉවත්වෙයි…

ආගමන හා විගමන නිලධාරීන් VIP සේවාවලින් ඉවත්වෙයි…

මුළු රට පුරාම හෙට (06) පැවැත්වෙන හර්තාලයට සමගාමීව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්න්ද හෙට දින සියලුම ප්‍රභූ සේවා අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සිය තීරණය පාලක ජනරාල් වෙත යොමු කරමින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපතිගේ අත්සනෙනි.

“දශක හතකට අධික කාලයක් මුළුල්ලේ අසාර්ථක හා යාවත්කාලීන නොවූ රාජ්‍ය ප්‍රතිපත්ති මෙන්ම ඉහවහා ගිය නාස්තිය හා දූෂණය නිසා රටක් වශයෙන් වර්තමානයේ අප මුහුණ පා සිටින උග්‍ර අර්බුදය පැන නැගී ඇත. රාජ්‍ය ව්‍යුහය තුළ දේශීයවත් ජාත්‍යන්තර වශයෙනුත් තීරණ ගැනීමේදී විෂයන් හි මනා පරිචයක් හා නිවැරදි ආකල්ප සහිත ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ හා අදාළ ක්ෂේත්‍රයන්හි ප්‍රාමාණික විද්වතුන්ගේ සක්‍රීය මැදිහත්වීම පසෙකලා පාලන, පරිපාලන හා ව්‍යාපාරික තන්ත්‍රයන් හි සීමිත වූ පිරිසකගේ පටු අභිමතාර්ථ සාධනය කර ගැනීම පිණිස පවත්වාගෙන ආ පසුගාමී දේශපාලන ආර්ථික හා විදේශ ප්‍රතිපත්තිවල අනිටු ඵල රාජ්‍යයක් ලෙස අප අද අත්විඳිමින් සිටින්නෙමු” යැයිද එහි සඳහන් කර ඇත.

Facebook
Twitter
LinkedIn