රඹුක්කන වෙඩිතැබීමට කෑගල්ල SSP ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

රඹුක්කන වෙඩිතැබීමට කෑගල්ල SSP ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

ඉන්ධන අඩු මිලට ඉල්ලා රඹුක්කනදී පැවති විරෝධතාවක් අතරතුරදී පුද්ගලයෙක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාස භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී කීර්තිරත්න සමග තවත් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී කීර්තිරත්න නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීද, සෙසු පොලිස් කොස්තාපල්වරුන් මහනුවර කුන්ඩසාලේ ප්‍රදේශයේදීද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව ඊයේ (27) පවසා තිබුනේ අදාල අධිකරණය නියෝගය පොලිස්පතිවරයාට ලැබී නැති බවය.

Facebook
Twitter
LinkedIn