ආණ්ඩුවට එරෙහිව රිදීමාලියද්ද වෙළෙද සංගමය සහ ත්‍රීරෝද රථ සංගමය එක්ව රිදීමාලියද්ද ආදාඋලපත මංසිධියේදි අද (28) සවස පැවැති විරෝධතාවකට සහභාගී වූ පුද්ගලයකුට, පොහොට්ටු පක්ෂයට බලය හිමි රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ සභාපති නිශාන්ත ජයසුන්දර පහරදී ඇති අතර විරෝධතායේ නිරතව සිටි ජනතාවට ඔහුට පෙරලා පහරදී තිබේ.
විරෝධාතාකරුවන් රිදීමාලියද්ද ප්‍රාදේශිය සභාව ඉදිරිපිටට පැමිණ ප්‍රාදේශිය සභා මාර්ගය හරහා ආදාඋල්පත පොළ භුමියට ඇතුලුවි ඉන් අනතුරුව පොළ භූමිය හරහා විරෝධාතාකරුවෝ නැවත ආදාඋලපොත මංසංධියට පැමිණ ඇත.
ඒ අවස්ථාවේ ප්‍රාදේශිය සභාවේ කිසියම් පුද්ගලයකු විරෝධතාවය විඩියෝකර ඇති අතර විරෝධතාවය නිමාකළ පසු විඩියෝ කළේ ඇයි දැයි විමසීමට යෑමේදි රිදීමාලියද්ද සභාපති නිශාන්ත ජයසුන්දර ඇතුලු පිරිසක් ඔවුන්ට පහර දී තිබේ. ඉන්පසු විරෝධාකරුවෝ ප්‍රාදේශීය සභාව වටලා සභාපති අත්අඩංගුවට ගන්නැයි බලකරමින් නැවත විරෝධතාවයේ නිරතවූහ.
සභාපති ඇතුළු පිරිසකගේ පහර කෑමට ලක්වු විරෝධතා කරුවන් දෙදෙනකු රිදීමාලියද්ද ඌරණිය ප්‍රදේශිය රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටිති.
රිදීමාලියද්ද සභාපති නිශාන්ත ජයසුන්දර පැය එකහාමාරක පමණ කාලයක් සභාව තුළ සිරවි සිටි ඇති අතර රිදීමාලියද්ද, මහියංගණ, ගිරාදුරුකොට්ටේ යන පොලිස් ස්ථාන තුනකින් පැමිණි නිළධාරින් පිරිසක් සභාපතිවරයා පොලිස් බාරයට ගෙන පොලිස් ජිප් රියට නන්වාගැනිමට යාමේදි විරෝධාතාකරුවන් සභාපති වරයාට පන්නා පන්නා පහර දී තිබේ. පසුව පොලීසිය මහත් පරිශ්‍රමයක් යොදා සභාපතිවරයා පොලිස් ජීප් රථයට නන්වාගෙන රැගෙන ගොස් ඇත.
රිදීමාලියද්ද වීරගොල්ල මාර්ගය කාපට් අතුරා වැඩ නිම කිරීමේදී බරපතල අක්‍රමිකතා සිදුකිරීම සම්බන්ධයෙන් විරෝධය දැක්වීම සඳහා 2021 ජුනි 27 වනදා ප්‍රදේශවාසීන් ඒකරාශී වූ අවස්ථාවේ, මැර පිරිසක් සමගකඩා වැදී අමානුෂික ලෙස එම ජනතාවට මැර පහාරයක් එල්ල කළේද මෙම නිශාන්ත ජයසුන්දර සභාපතිගේ මූලිකත්වයෙනි.













