රාජපක්ෂලා සමඟ දේශපාලන ගමනක් නොමැති බවට වහසි බස් දෙඩූ විමල් වීරවංස ඇතුළු පිරිස මේ වනවිට බැසිල් රාජපක්ෂගේ උපක්‍රම හමුවේ දැඩි ලෙස හීලෑ වී ඇති බවට තොරතුරු වාර්තා වේ.
මේ බව තහවුරු කෙරෙන ප්‍රධානම කරුන වන්නේ පක්ෂ 11 සන්ධානය යැයි කියන කණ්ඩායම ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂවරුන් සමඟ නැවත ආණ්ඩුවට හවුල්වීමේ සාකච්ඡාවලට එකතුවීමෙන් ය. මෙම සාකච්ඡා වටයේ ආරම්භය ඊයේ (28) ජනාධිපති මන්දිරයේදී පවත්වනු ලැබීය. ගෝටාබය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස රට පුරා සමස්ත වැඩ වර්ජනයක් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබියදී මෙම සාකච්ඡා පැවැත්වීම විශේෂත්වයකි.
රාජපක්ෂවරුන් සමඟ සාකච්ඡා කිරීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට ලබාදුන් රාජ්‍ය ඇමති තනතුරු ඉවත් කළ යුතු බවට එම පක්ෂය කොන්දේසියක් පනවා තිබිණි. එහෙත් පක්ෂ 11 සන්ධානයේ ඉල්ලීම මත යැයි කියමින් එම කොන්දේසිය ඉවත ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ඊයේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවට ගොස් තිබිණි.
විශේෂයෙන්ම විමල් වීරවංස, උදය ගම්මන්පිල සහ වාසුදේව නානයක්කාර යන අය අවසල්ලන ඇමරිකානුවා වශයෙන් බැසිල් රාජපක්ෂ හඳුන්වා දෙමින් ගෙනගිය ප්‍රචාරක ව්‍යාපාරයද ආපසු හරවා ගනිමින් බැසිල් රාජපක්ෂ විසින් මෙහෙයවන සියලු සාකච්ඡාවලට කොන්දේසි විරහිතව මේ සියලු දෙනා එක්වී සිටිති.










