අන්තර්වාර පාලනය වෙනුවෙන් මහින්ද බිලිදීමේ තීරණාත්මක මෙහෙයුමක්

අන්තර්වාර පාලන ආණ්ඩුවක් පිහිටුවිය යන ස්ථාවරයට ජනාධිපතිවරයා පැමිණ ඇති බවත් එය ඉලක්ක කර ගනිමින් හෙට (28) ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම මැති ඇමතිවරුන්ගේ සාකච්ඡාවක් ජනාධිපති මන්දිරයේදී යොදා ගෙන ඇති බවත් වාර්තා වේ.

මහානායක හිමිවරුන් ඇතුළු අනෙකුත් පූජ්‍ය ප්‍රසාදීන් වහන්සේලා ජනාධිපතිවරයාට යොමුකළ බව කියන ඉල්ලීමකට මූලකිත්වය දෙමින් මෙම පියවර ගෙන ඇති බව ආණ්ඩුවේ තොරතුරුවලින් වාර්තා වේ. එසේම ආණ්ඩුවේ සිට ස්වාධින වූ බව කියන මන්ත්‍රීවරුන් ද ඊට අමතරව තවත් මන්ත්‍රීවරුන් 10 දෙනෙකුද මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර ඇති බව වාර්තා වේ.

මෙම පදනම මත සිටිමින් අග්‍රාමාත්‍ය ධුරයෙන් මහින්ද රාජපක්ෂ ඉවත් කිරීමට සැලසුම් කර ඇති අතර ඒ අනුව කැබිනට් මණ්ඩලය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අහෝසි වී යයි. එම ඉඩ ප්‍රස්ථාව යොදා ගනිමින් අන්තර්වාර පාලනයක් පිහිටුවීමට මේ වනවිට ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් සියලු ක්‍රියාමාර්ග යොදමින් සිටිති.

Facebook
Twitter
LinkedIn