රඹුක්කන වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධව අණ දුන් සහ ඊට සම්බන්ධ සියලු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.
ඒ එම සිදුවීමට අදාළ නඩු විභාගය අද (27) තුන්වන දිනටත් කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
රඹුක්කන දුම්රිය ස්ථානය ආසන්නයෙන් දුම්රිය මාර්ගය අවහිර කරමින් පසුගිය අප්‍රේල් මස 19 දින අළුයම සිට ජනතාව විරෝධතා ක්‍රියාමාර්ගයක නිරත වූ ජනතාව විසුරුවා හැරීමේදී පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් පුද්ගලයින් 29 දෙනෙකු රෝහල්ගත කළ අතර ඉන් එක් අයෙක් ජීවිතක්ෂයට පත්වුණි.
ඔවුන් මෙම විරෝධතාවයේ නිරතවූ යේ එදින අළුයම ගෙනඑනලද ඉන්ධ ඊට පෙර දින පැවති මිලටම ලබා දෙන ලෙස ඉල්ලමිනි. 18වන දින මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉතා අධික ලෙස වැඩි කරන ලදී.
Views: 0










