රඹුක්කන ඝාතනයට එරෙහිව පිළියන්දලදීත් විරෝධතා…

රඹුක්කන ඝාතනයට එරෙහිව පිළියන්දලදීත් විරෝධතා…

ජනතාවගේ සාධාරන විරෝධතාවයට පොලීසිය යොදා සිදු කළ මෙම ම්ලේච්ච ඝාතනය හෙලාදකිමින් ඊයේ (20) පිළියන්දල ඔරලෝසු කණුව අසළදී විරෝධතාවයක් පැවති අතර ඊට ජාතික ජන බලවේගයේ මහජන නියෝජිතයින් ඇතුළු විශාල පිරිරසක් එක් වී සිටියහ.

ඉන්ධන පැවති මිලට ලබා දෙන ලෙස ඉල්ලමින් රඹුක්කන නගරයේ ජනතාව 19 වනදා අළුයම සිට පැවති විරෝධතාවය විසුරුවා හැරීම සඳහා පොලීසිය එල්ල කළ වෙඩි පහරින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලැබූ අතර පසුව රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට ඇඳිරිනීතිය පනවන ලදී.

Facebook
Twitter
LinkedIn