ආණ්ඩුවට සහාය දුන් විපක්ෂයේ තිදෙනෙක් යළි විපක්ෂයට

ආණ්ඩුවට සහාය දුන් විපක්ෂයේ තිදෙනෙක් යළි විපක්ෂයට

ආණ්ඩු පක්ෂයට සහාය දුන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනෙකු අද (20) යළි විපක්ෂයේ අසුන්ගෙන තිබේ.

මෙලෙස යළි විපක්ෂයට එක්වී ඇත්තේ ෆයිසල් කාසිම්, ඉෂාක් රහුමාන් සහ එම්.එස් තවුෆික් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනාය.

මොවුන් තිදෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වැනි සංශෝධනය සම්බන්ධයෙන් ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේදී ආණ්ඩුව හා එක්වූ අතර ඔවුන් මෙතෙක් කටයුතු කළේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු ලෙසය.

Facebook
Twitter
LinkedIn