මේ වනවිට බිහිසුණුම විදේශ විනිමය අර්බුදයට රට මුහුණ දී සිටියදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම සඳහා වොශින්ටන් නුවර බලා ගිය මුදල් ඇමති මොහොමඩ් අලි සබ්රි, එම අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එම් සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු 08 දෙනෙකුගෙන් යුක්ත පිරිස නාස්තිකාරී වියදම් කරමින් සිටින බව තානාපති නිලධාරියෙකු බව හඳුන්වා ගන්නා නන්දන අබේසිංහ නැමැත්තා හෙලි කර තිබේ.
ඔහු සිය ෆේසුබුක් අඩවියේ සටහනක් තබමින්, තානාපති කාර්යාලය සතුව නිල වාහාන තිබියදී ඩොලර් 8000ක් පමණ වියදම් කරමින් කුලියට ලිමෝසින් දෙකක් ලබාගෙන ඇති බව හෙළිකර ඇත. එම ෆේස්බුක් සටහන පහත පල වේ.







Views: 0










