අපි මේ ජන පීඩක ආණ්ඩුවත් ජනාධිපතිත් පන්නලා දාමු – සදීෂ් සෙල්වරාජ්

අපි මේ ජන පීඩක ආණ්ඩුවත් ජනාධිපතිත් පන්නලා දාමු – සදීෂ් සෙල්වරාජ්

අපි මේ පාගමන පටන් ගත්තේ ගෝ කිව්වට යන්නෙ නැති ජනාධිපති ගෝටාබයත්, මේ ජන පීඩක ආණ්ඩුවත් පන්නලා දාන්න. යැයි තරුණ ලේඛක සදීෂ් සේල්වරාජ් සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ අපේ සල්ලි කොල්ල කෑ හොරු රැල #පන්නමු! තේමාවෙන් ජාතික ජන බලවේගය පවත්වනු ලැබූ දින 03ක පාගමන අවසානයේ ඊයේ (19) කොළඹ මහ නගර සභා පිටියේ පැවති විරෝධතා රැලිය අමතමිණි.

“ගෝටාබය ඔයා යන්න” කියලා මේ වනවිට රටපුරාම ජනතාව විරෝධතා පටන් අරගෙන. පාරවල් වහලා දාලා. හන්දිවල ටයර් පුච්චනවා. තරුණ අපි විතරක් නෙවෙයි බාල මහලු හැම කෙනෙක්ම පාරට බැහැලා..

දෙමළ, සිංහල, බර්ගර්, මැලේ හැමෝම එකතුවෙලා ජනාධිපති ගෝටාබයත්, මේ ආණ්ඩුවත් පන්නලා ජාතික සමගිය ගොඩනගන අලුත් රටත් හදන පාලනයක් ඇති කරනිමු. මේ 74ක දුර්දාන්ත පාලනය ක්‍රමයම පන්නා දමා වංචාවෙන්, දූෂණයෙන් තොර ජනතා මුදල් විනාශ නොකරන ජනතා පාලනයක් අපි ගොඩනගමු.

ඒ වෙනුවෙන් උතුරු, නැගනෙහිර, දකුණ, වතුකරේ මේ හැම තැනකම ඉන්න සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට අපි ජාතික ජන බලවේගයේ වේදිකාවේ ඉඳලා ආරාධනා කරනවා. යැයි ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

Facebook
Twitter
LinkedIn