රඹුක්කන විරෝධතාකරුවන්ට පොලිසිටය යොදවා වෙඩි තැබීමත් සමඟ අංශ ගණනාවකින් එල්ල වී තිබෙන විරෝධය හමුවේ පොලිස්පතිවරයාට වගකිම බාර ගෙන ඉල්ලා අස්වීමට බල කෙරෙන සැලසුමක් දියත් වෙන බව අනාවරණය වේ.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව එම වෙඩි තැබීඹ සම්බන්ධයෙන් සක්‍රිය මැදිහත්වීමක් සිදු කළ අතර සමස්ත නීතිඥ ප්‍රජාවම නියෝජනය කරන සංවිධාන, ජාතික ජන බලවේගය සහ තවත් දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති ඇතුළු සංවිධානගත බහුජන සංවිධාන අතිවිශාල සංඛ්‍යාවක් මෙම වෙඩි තැබීමට එරෙහිව පෙළ ගැසෙමින් සිටිති.
වෙඩි තැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශය කමිටුවක් පත්කර ඇති අතර එම සිදුවීම සම්බන්ධයෙන් සජීවී වීඩියෝ දර්ශණ මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ විශාල සංසර්ණය වෙමින් පවතී. මෙම තත්වය හමුවේ ආණ්ඩුවේ ගැලවීම සඳහා පොලිස්පතිවරයා ඉවත් කිරීමේ සැලසුමක් මේ වෙන පවතින බව අනාවරණය වේ.









