ගෝටාගේ තටු කපන බව මහින්ද කියයි

ගෝටාගේ තටු කපන බව මහින්ද කියයි

ආණ්ඩුවට එරෙහිව සතර අතින් බුර බුරා නැගෙන විරෝධය වෙනතක යොමු කිරීම සඳහා ජනාධිපතිවරයාගේ බලතල අඩුකරන ව්‍යවස්ථා සංශෝධනයකට සූදානම් බව අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ (19) විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

පාර්ලිමේන්තුවට වැඩි බලතල ලබා දෙන සංශෝධන සිදුකළ යුතු බව මහින්ද රාජපක්ෂ එම ප්‍රකාශය කරමින් පැවසූවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වෙනි සංශෝධනය අහෝසි කෙරෙන 18 වෙනි සංශෝධනය ඔහු ජනාධිපති ධුරයේ සිටිමින් ගෙන එනු ලැබීය. ඉන් පසුව 19 වෙනි සංශෝධනය අහෝසි කෙරෙන 20 වෙනි සංශෝධනය සඳහා මහින්ද රාජපක්ෂ ද ඡන්දය පාවිච්චි කළ අතර මේ වෙනවිට ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ මුළු රාජපක්ෂ පවුලටම එරෙහිව සහ ආණ්ඩුවට එරෙහිව නැගෙන මහජන විරෝධය හමුවේ යළි 19 වෙනි සංශෝධනය දක්වා පසු බැසීමට සූදානම් බව එම ප්‍රකාශයෙන් ගම්‍යකර ඇත.

Facebook
Twitter
LinkedIn