ගෝටාබය රාජපක්ෂ ආණ්ඩුවට අපි කියන්නේ වහාම ගේදරපලයල්ලා කියලා – මහින්ද ජයසිංහ

ගෝටාබය රාජපක්ෂ ආණ්ඩුවට අපි කියන්නේ වහාම ගේදරපලයල්ලා කියලා – මහින්ද ජයසිංහ

ඇහෙන්නේ නැති දැනෙන්නේ නැති ගෝටාබය රාජපක්ෂ ප්‍රමුඛ පාලනයට අපි කියන්නේ වාහම යන්නේ නැත්නම් පන්නන්න අපි ලෑස්තියි කියලා.

වරකාපොල උද්ඝෝෂණයට වෙඩි තියලා 11ස්දෙනෙක් තුවාල ලබලා එක්කෙනෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. අලුත් පොලිස් ඇමති ප්‍රසන්න රණතුංගටයි හිටපු පොලිස් ඇමතිටයි ගෝටාබයටයි අපි කියන්නේ මේ සෙල්ලම වහාම නවත්වන්න කියලා. බංකරයක් ඇතුළට වෙලා ඉඳගෙන තවත් සෙල්ලම් දාන්න ලෑස්ති වෙන්න එපා. මේ රටේ පොදු ජනතාව, වැඩකරන ජනතාව තවතවත් අරගලයට එන්න ලෑස්තියි.

ගෝටාබය රාජපක්ෂලා ඉල්ලන්නේ අකන්ඩ වැඩවර්ජනයක්ද ඒ ඕනෑම විදිහකට උත්තර දෙන්න ජාතික ජන බලවේගය සූදානාම්.

මේ රටේ උතුරෙත් නැගහිරත් බටහිරත් දකුණෙත් සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාවගේ අනාගතය ගොඩනගන්න පොදු ජනතාවගේ අරගලයට නායකත්වයදෙන්න ජාතික ජන බලවේගය සූධානම්.

Facebook
Twitter
LinkedIn