මේ වනවිට රට තුළ පවතින ආණ්ඩුවටත් ජනාධිපතිවරයාටත් එරෙහි විරෝධතා උත්සන්න වෙමින් තිබේ. ඒ අනුව ප්‍රදේශ රැසකදී ජනතාව ප්‍රධාන මාර්ග අවහිර කරමින් විරෝධතා ආරම්භ කර ඇත.
ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල යළිත් වැඩි කිරීම හේතුවෙන් ජනතා විරෝධතා තව දුරටත් උත්සන්න වී ඇත. ඊයේ ඉන්ධන මිල වැඩි කිරීමට පෙර පැවති මිලට ඉන්ධන ලබා දෙන ලෙස බොහෝ ඉන්ධන හල් අසළ රැඳී සිටින ජනතාවට විරෝධතා දක්වමින් සිටිති.
රඹුක්කන, හිඟුරක්ගොඩ, බද්දේගම, දිගන, ගම්පොළ, රත්නපුර, තෙල්දෙනිය, මහව, හලාවත ආදී ප්‍රදේශ රැසක මෙම තත්වය දක්නට ලැබේ. රඹුක්කන නගරයේ ජනතාවට උදේ ආහාරවේලද එම ස්ථානයේ සකස් කරනු අයුරු දක්නට ලැබේ.



ගාල්ල



හලාවත











රඹුක්කන
Views: 0








