අගමැතිගෙන් අරුම පුදුම උපදේශයක්.

අගමැතිගෙන් අරුම පුදුම උපදේශයක්.

විදුලිය කපා හැරීමට විකල්පයක් ලෙස තම නිවෙස් වල සිට රාජකාරී කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය කාර්ය මන්ඩලයට සහ මහින්ද රාජපක්ෂ යටතේ තිබෙන අමාත්‍යශ කාර්ය මණ්ඩලවලට වලට උපදෙස් ලබා දී ඇත.

මේ වබව අගමැතිවරයාගේ නිළ ෆේස් බුක් ගිනුමේ සඳහන් කර තිබේ. නමුත් දිනකට පැය 13 ක් විදුලිය කපාහරින තත්වයක් යටතේ නිවෙසවල සිට රාජකාරී කරන්නේ කෙසේදැයි තමන්ට නොවැටහෙන බව එම කාර්ය මණ්ඩලයේ ඇතැම් සාමාජිකයන් මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ.

අගමැතිවරයා තබන ලද සම්පුර්ණ සටහන පහත සඳහන් වේ.

උපුටා ගැනීම
අපේ රට පෙර නුවූ විරූ දැඩි අභියෝගයකට මුහුණපා ඇති මේ අවස්ථාවේ ඉන්ධන පිරිමසා ගැනීමේ එක පියවරක් ලෙස අගමැති කාර්යාලයේ සහ මගේ අමාත්‍යංශවල නිලධාරීන්ට නිවසේ සිට රාජකාරී කටයුතුවල නිරත වන ලෙස දැනුම් දුන්නෙමි.

අඛණ්ඩ විදුලි සැපයුමක් නොමැති පසුබිමක වුව ද එම නිලධාරීන් සිය රාජකාරී උපරිම ආකාරයෙන් ඉටු කරමින් සිටින බව කෘතවේදීව සිහිපත් කරමි.

මෙම අර්බුදය නිසා ජනතාව පත්ව ඇති දුෂ්කරතාව පිළිබඳ අප රජයක් ලෙස ඉතා ම සංවේදී අතර එම සීමා ජය ගැනීම සඳහා ගත හැකි සියලු ක්‍රියා මාර්ග යුහුසුළුව ගනිමින් සිටින බව අවධාරණය කරමි.

බොහෝ දුෂ්කරතා මැද වුව ද ජනතාවගේ ඉවසීම සහ සහයෝගය මතින් තිස් වසරක ත්‍රස්ත උවදුර සහ කොවිඩ් වසංගතය ඇතුළු බොහෝ අභියෝග ජය ගත් මෑත ඉතිහාසයක් අපට ඇත. මෙම අභියෝගය ද ඒ ආකාරයට ම ජය ගැනීම උදෙසා මාතෘභූමියේ නාමයෙන් සියලු භේද පසෙක ලා අත්වැල් බැඳ ගනිමු. 

Facebook
Twitter
LinkedIn