රටම අඩපන වෙයි

රටම අඩපන වෙයි

මේ වන විට ක්‍රියාත්මක විදුලිය කප්පාදුව නිසා රටේ සියලුම ආර්ථික ක්‍රියාකාරකම්වලට මෙන්ම ජන ජීවිතයේ සාමාන්‍ය පැවැත්ම ද බරපතළ බිඳ වැටීමකට ලක්වී තිබේ.

නිදහස් වෙළඳ කලාප ඇතුළු ආර්ථික මර්මස්ථාන පවත්වාගෙන යාම බරපතළ අභියෝගයකට ලක්වී ඇත. එසේම සුලු පරිමාණයෙන් පවත්වාගෙන යන ගෘහ කර්මාන්ත සහ ස්වයං රැකියා කරන්නන් දක්වා විවිධ පරිමාණයේ ආර්ථික ක්‍රියාකාරම් බිඳ වැටෙමින් පවති.

ජන ජීවිතයේ සියලුම ප්‍රවාහන කටයුතු ද ඉවුම් පිහුම් ඇතුළු ගෘහස්ථ කටයුතු ද නිවෙස්වල රඳවා බලා ගන්නා රෝගීන්, කුඩා දරුවන් රැක බලා ගැනීම් සහ වැඩිහිටියන් බලා ගැනීම් ඇතුළු සියලු කටයුතුවලට විදුලි කප්පාදුව බරපතළ බිඳ වැටීමකට හේතුවී ඇත. එසේම රෝහල්වල හදිසි සැක්ම් හැර අනෙකුත් සියලුම සැත්කම් කල් දමමින් පවතී.

ඇතිවී තිබෙන තත්වය අද (31) දිවයින පුවත්පත ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කර තිබුණේ “රටම අඳුරේ” යනුවෙනි. ඒ යටතේ “අද පැය 13ක් විදුලිය කැපේ” , “විදුලිය කපන කාලය දික් වුණොත් රෝහල් අර්බුදය”, “මස්, මාළු, කිරි, චීස් වැනි ආහාර ශීතකරණවලට තියන්න එපා.”, “ජනාධිපති මණ්දිරය, පාර්ලිමේන්තුව විදුලි කප්පාදුවෙන් නිදහස්”, “කටුනායක ගුවන් තොටේ භූමි මෙහෙයුම් අඩාලය – ගුවන් ගමන්වලටත් බලපෑම්” යනුවෙන් විදුලි කප්පාදුව බලපාන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් හෙළිකර තිබිණි.

මේ අතර ඛණිජ තෙල් සැපයීම බිඳ වැටීම සම්බන්ධ ප්‍රවෘත්ති වාර්තා කර තිබුණේ “සපුගස්කන්ද පිරිපහදු සේවකයෝ උපවාසයකට”, “සිකුරාදාට පසු ප්‍රයිවට් බස් නතර වෙයි”, “සිපෙට්කෝ IOCයෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 6000ක් මිලදී ගනී”, අත්‍යාවශය ස්ථාවලට පමණක් විදුලිය සීමා කරයි” යනුවෙනි.

Facebook
Twitter
LinkedIn