අද (31) සිට විදුලි කප්පාදුව පැය 13ක් දක්වා දීර්ඝ කිරීමෙන් රට පුරාම දුරකතන සම්බන්ධතා ද විශාල වශයෙන් බිඳ වැටෙන බව මේ වනවිටත් තහවුරු වී තිබේ.
පසුගිය දිනවල දුරකතන සම්බන්ධතා අඩාල වී තිබූ අතර සම්ප්‍රේෂණ කුළුණුවලට යොදා තිබෙන විදුලි ජනක යන්ත්‍ර සඳහා ඉන්ධන නොමැතිවීමෙන් අද සිට තත්වය වඩාත් නරක අතට හැරෙමින් පවතින බව වාර්තා වේ. මෙම තත්වය ඉදිරියේදී තවත් වර්ධනය වනු ඇතැයි අනතුරු ඇඟවේ.
විදුලි කප්පාදුවේ කාලසීමාව නිල වශයෙන් මේ වනවිට පැය 13ක්වී විදුලිය සැපයීමේ කාලය පැය 11ක් දක්වා අඩුවී තිබේ. මෙම තත්වය සමනයකට පත්වන දිනයක් සම්බන්ධයෙන් කිසිදු තහවුරුවක් මේ දක්වා සිදුකර නැත.
0










