චිලියේ 1973 සැප්තැම්බර් 11 වැනිදා සැල්වදෝර් අයන්ඩේ ගේ සමාජවාදී පාලනය හමුදා කුමන්ත්‍රණයකින් පෙරලා දැමු පසු අත්අඩංගුවට ගෙන දස වද දී මරා දැමු සුප්‍රකට ගායක වික්ටර් හාරා ගේ ඝාතණය සම්බන්ධයෙන් වරදකරු වූ අවසන් විත්තුකරුත් අත්අඩංගුවට ගැනීමට එරට පොලීසිය සමත් වී ඇත. අධිකරණය හා ආරක්ෂක අංශ මග හරිමින් වෘත්තියෙන් හමුදා නිලධාරියෙකු වූ NELSON HAASE පසුගිය 26 වෙනි ඉරිදා සිදු කල හදිසි මෙහයුමකදී අත්අඩංගුවට ගැනීමට චිලි පොලීසිය සමත් වී ඇත.
1973 දී ගායකයෙකු-ගීත රචකයෙකු හා සංගීතඥයෙකු වූ වික්ටර් හාරා සහ එරට බන්ධනාගාර පරිපාලන අධ්‍යක්ෂ වරයෙකු වූ ලිට්‍රේ ක්විරෝගා ඝාතනය සම්බන්ධයෙන් ලබා දුන් අධිකරණ තින්දු වෙන් පසුව වරදකරු වී 2023 සිට NELSON HAASE රටින් පලා යාමට උත්සහ කරමින් සිටි බව වාර්තා වේ. නමුත් චිලියේ අගනුවර වන සන්තියාගෝ නුවර සිට කිලෝමීටර් 950 ක ඈතින් පිහිටි LOSLAGOS හි දී චිලී බලධාරීන් විසින් NELSON HAASE ව මෙසේ අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.
ඔහු ඇතුළු හමුදා නිලධාරීන් 6 දෙනෙකු විසින් සිදු කල කුමන්ත්‍රණයකින් පසුව වික්ටර් හාරා වෙඩි පහරවල් 44ක් එල්ල කර මරා දැමීම සම්බන්ධයෙන් වරදකරුවන් බවට පිළිගෙන අවුරුදු 25 සිර දඬුවමක්( මිනීමැරුම් සඳහා වසර 15ක් සහ පැහැරගැනීම් සඳහා වසර 10ක්) 2023 දී චිලි අධිකරණය විසින් පනවන ලදී. ඒ අනුව Raúl Jofré Gonzáles, Edwin Bianchi, Ernesto Wulf, Juan Jara Quintana, Ernesto Bethke et Hernán Cachón මෙම ඝාතණයට ඍජුවම සහභාගී වුවන් ලෙස හඳුනා ගන්නා ලදී.
මෙම පස්දෙනා දැනටමත් සිර භාරයේ පසුවන අතර එහි තවත් ප්‍රධාන විත්තිකරුවෙකු වූ ජෙනරල් HERNAN CHACON නඩු තීන්දුව ලබා දීමට පෙර දින සිය දිවි හානි කර ගන්නා ලදී. එතැන් සිට අවසන් ප්‍රධාන චුදිතයෙකු වූ හා හිටපු හමුදා නිලධාරියා NELSON HAASE ලොස් ලාගෝස් කලාපයේ පුයේහු මහ නගර සභාවේ ග්‍රාමීය දේපළක සැඟවී සිටි බව වාර්තා වේ. 2023 අගෝස්තු මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ දෙවන මන්ත්‍රී මණ්ඩලය අවසන් තීන්දුව නිකුත් කිරීමෙන් පසු මෙම නඩුවේ වරදකරුවන් වූ අවසන් පුද්ගලයා වුයේ ද NELSON HAASE ය.
ඊට අමතරව, මෙම ඝාතන සහ නීති විරෝධී රඳවා තබා ගැනීම්වලට සම්බන්ධ වීම සම්බන්ධයෙන් හිටපු හමුදාවේ නීතිපති වන Rolando Melo Silva වෙත ද වසර අටක සිර දඬුවමක් නියම කරනු ලැබිණි.
චිලී හි අතිශයින් ජනප්‍රිය වූ nueva canción “නව සංගීතය”සංගීත කණ්ඩායමේ ප්‍රමුඛ චරිතයක් වන වික්ටර් හාරා 1973 සැප්තැම්බර් 11 වැනිදා ජනාධිපති සැල්වදෝර් ඇලෙන්ඩේට එරෙහි කුමන්ත්‍රණයෙන් පසුව, චිලීයේ සන්තියාගෝ විශ්ව විද්‍යාලයේ තවත් සිසුන් හා තරුණයන් ඇතුළු දහස් ගණනක් සමඟ අත්අඩංගුවට ගන්නා ලදී.
එහිදී, වික්ටර් හාරා ආරක්ෂා කර ගැනීමට සෙසු සිරකරුවන් උත්සාහ කළේ, ඔහුගේ කීර්තිය, ඔහුගේ ක්‍රියාකාරීත්වය සහ ඔහුගේ සංගීතය තුළින් ඔහු පවත්වා ගත් ජවසම්පන්න බලපෑම ඔහු ගේ ජීවිතයට ජුන්ටාවේ විශේෂ අනතුරකට ලක් කළ හැකි වූ බැවිනි. ඔහු විසින් සටහන් පොතක කොලයක නිම නොකළ අවසන් කවිය වන « Estadio Chile » සඟවා සිරකරුවන් අතර අතින් අතට මාරු කරනු ලැබූ බව පැවසේ. නමුත් හමුදා නිලධාරීන් හාරා හඳුනාගෙන පසෙකට ගෙන ගොස් වධ හිංසා කරන ලදී.
1973 සැප්තැම්බර් 16 වන දින අලුයම, අත් හා ඇඟිලි පොඩි කර මරා දමන ලද වික්ටර් හාරා ගේ සිරුර චිලියේ මෙට්‍රොපොලිටන් සුසාන භූමිය අසල පදිංචිකරුවන් විසින් සොයා ගන්නා ලදී. ඔහුට වෙඩි වැදුණු තුවාල 44 ක් සහ වධහිංසා පැමිණවීමේ පැහැදිලි සලකුණු රාශියක් තිබුණි. ඒ අසලින් සිරකරුවන් වෙනුවෙන් පෙනී සිටි බන්ධනාගාර පරිපාලනයේ ජාතික අධ්‍යක්ෂ ලිට්රේ ක්විරෝගාගේ සිරුර ද හමු වී තිබිණි. ඒකාධිපති පිනෝෂේ ගේ පාලන කාලයේදී 20000කට අධික තරුණ තරුණයන් පිරිසක් මරා දමනු හෝ අතුරුදහන් කරනු ලැබිණි.
” වික්ටර් හාරා ගායනා කරමින් තම දිවිය චිලී ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් පුදනු ලැබුවේ තම මරණය චිලි ජනතාවගේ ශ්‍රේෂ්ට අරගලයේ සංකේතයක් බවට පරිවර්තනය කරමින්” යයි සුප්‍රකට කොලොම්බියානු ලේඛක Gabriel García Márquez පසුව ලියා තැබුවේය.










