ආණ්ඩුව නිල නිවේදන නිකුත් කරමින් පෙබරවාරිමස මැද සිට විදුලිය කැපීම පැය තුනකින් ආරම්භ කළ අතර මේ වනවිට එය පැය 10 දක්වා දීර්ඝ කර ඇත.
මෙම කාලය තුළ ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරු විවිධ අවස්ථාවලදී වගකීම් රහිත ප්‍රකාශයන් කරමින් විදුලි කැපීම අවසන් කරන බව අවධාරණය කර තිබිණි. විශේෂයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මාර්තු 05වෙනි දිනෙන් පසුව විදුලිය කැපීම අවසන් කරන බවය. එහෙත් පැය තුනෙන් පටන් ගත් එය පැය 5.30ක්, 6.30ක් 7.30ක් සහ පැය 10ක් දක්වා මේ වනවිට දීර්ඝ කර තිබේ.
මේ අනුව මාසයකට මදක් වැඩි කාලයක් තුළ විදුලිය කැපීම අතිශය බරපතල තත්වයකට පත් වී ඇත. මේ වනවිට ජලවිදුලිය උත්පාදනය කරන බලාගාර ආශ්‍රිත සියලුම ජලාශ විදුලි උත්පාදනය කළ නොහැකි මට්ටමට ලඟා වී ඇත. මෙම තත්වය තුළ ඉදිරියේදී විදුලිය කැපීමේ කාලය තවත් වැඩිකරනු ඇති බවට අනුතරු ඇඟවෙමින් පවතී.

3










