චීනය සිය විශාලතම නගරය වන ෂැංහයි නගරය අගුළු දමන බව අද (28) නිවේදනය කළේය.
එරට මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ නව ආසාදන රැල්ලක් ඇතිවීම වළක්වාගැනීම සඳහා කොරෝනා පරීක්ෂණ සිදු කරන අතරතුර මෙලෙස දින 09ක කාලයක් ෂැංහයි නගරය වසා දමන බවය.
ෂැංහයි නගරයේ ඉහළම දෛනික ආසාදිතයින් සංඛ්‍යාවක් පසුගිය සෙනසුරාදා වාර්තාවූ අතර, නාගරික බලධාරීන් විසින් අගුලු දැමීම් සම්බන්ධයෙන් වන උපදෙස් එරට ප්‍රධානම සමාජජාල මාධ්‍ය වන වී චැට් සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රකාශයට පත් කර තිබේ.
මිලියන 24කට අධික ලොව වැඩිම ජනගහණයක් සිටින නගරය වන ෂැංහයි චීනයේ විශාලතම මූල්‍ය කේන්ද්‍රස්ථානය ලෙසයි සැළකේ.
0










