දුම්රිය ගාස්තු සංශෝධනය යෝජනාව කැබිනට් අනුමැතිය ඳහා අද (28) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගාස්තු සංශෝධන වාර්තාව අද පෙරවරුවේ දුම්රිය දෙපාර්තමේන්තු විසින් ප්‍රවාහන අමාත්‍යාංශය වෙත ලබා දෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු අද හෝ හෙට ගාස්තු සංශෝධනය සිදුවන ආකාරය මාධ්‍යයට නිකුත් කරන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඉන්ධන ගාස්තු සංශෝධනය සැලකිල්ලට ගෙන ඉන් සිදුවන අලාභය පියවා ගැනීම සඳහා දුම්රිය ගාස්තු ඉහළ නැංවීමට තීරණය කළ බව ප්‍රවාහන ඇමති දිළුම් අමුණුගම පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.
0









