වර්තමාන ආණ්ඩුව බලයට පත්වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති රත්රන් ටොන් 19ක වූ ප්‍රමාණය මේ වනවිට
ටොන් එක දක්වා පහත දමා ඇති බව අනාවරණය වේ.
එනම්, වර්තමාන ආණ්ඩු කාලය තුළ රත්රන් ටොන් 18ක් විකුණා තිබීමයි. විශේෂයෙන්ම වර්තමාන මහ බැංකු අධිපතිවරයා පත්වී ඉතා කෙටි කාලයක් තුළ රත්රන් ටොන් 5ක් විකුණා දැමීය. මෙම තොරතුරු හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය ඩබ්ලියු. ඒ. විජේවර්ධන යූටියුබ් නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී හෙළිකරනු ලැබීය.
රත්රන් විකිණීමේදී අවුන්සයක් ඩොලර් 1,600කට විකුණා ඇති බවත් ඒ විකුණූ ආසන්න දිනයකදීම ලෝක වෙළඳපොලේ රත්රන් අවුන්සයක මිල ඩොලර් 1,700ක් වී මේ වනවිට තව තවත් වේගයෙන් ඉහල යමින් පවතී.
1








