ගිණි පොලියට ඩොලර් ණය ගනියි…

ගිණි පොලියට ඩොලර් ණය ගනියි…

ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත්කරමින් ඉතා ඉහළ පොලී අනුපාතික යටතේ ඩොලර් ණය ලබා ගැනීමට ආණ්ඩුව සූදානම් වේ.

මේ සඳහා ණය ලබා දෙන්නන් වෙත නිවේදන නිකුත් කර ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම ණය ලබා ගැනීම මෙහෙයවනු ලබයි. මේ වෙනුවෙන් පුළුල් ප්‍රචාරක ව්‍යාපාරයක්ද ආරම්භ කර තිබේ. මාස 07ක සිට මාස 57ක් දක්වා කාලයක් තුළ ආපසු ගෙවීම සඳහා මෙම ණය ලබා ගැනීමට සූදානම් වන අතර ලබා ගන්නා ණය ප්‍රමාණය කොතෙක්දැයි සඳහන් කර නැත.

පොලී අනුපාත. 8.5% සිට 8.95% දක්වා පරාසයක පවතී. ඉතා කෙටිකාලයක් තුළ ණය ආපස් ගෙවීමට සැලසුම් කර ඇත. මාස 07, මාස 10, මාස 13, මාස 22, මාස 25, මාස 34, මාස 46, මාස 52, මාස 57 වශයෙන් මෙම ණය ආපසු ගෙවිය යුතුය. විදේශයන් හී සේවය කරන ශ්‍රී ලාංකිකයන් සහ විදේශ ව්‍යවහාර මුදල් හිමියන්ගෙන් මෙම ණය ලබා ගැනීමට කටයුතු කරමින් සිටී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්