හිටපු ඇමතිවරයෙකු වන පන්ඩු බණ්ඩාරනායක ගජමුතු ජාවාරම් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ වැටලීමකදීය. හිටපු ඇමති පන්ඩු බන්ඩාරනායක ඇතුළු සිව් දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ අම්පාර ප්‍රදේශයේදීය.
පන්ඩු බන්ඩාරනායක පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට පොහොට්ටු පක්ෂයෙන් ඉදිරිපත්වී පරාජයට පත් වූ අයෙකු වන අතර මේ වනවිටත් ඔහු එම පක්ෂයේ සංවිධායකයෙකු ලෙස කටයුතු කරමින් සිටී.
3










