විදුලි ගාස්තු වැඩි කළොත් ජල ගාස්තුවත් වැඩි කරනවා

විදුලි ගාස්තු වැඩි කළොත් ජල ගාස්තුවත් වැඩි කරනවා

විදුලි බිල්පත් ගාස්තු වැඩි කළහොත් ජල බිල්පත් ගාස්තුවද අනිවාර්යෙන්ම වැඩි කිරීමට පියවර ගන්නා බව ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත පවසයි.

කෙසේ වෙතත් තවමත් ඒ පිළිබඳව තීරණයක් ගෙන නැතැයි පවසන රාජ්‍ය ඇමතිවරයා ජල සම්පාදන මණ්ඩලයට පාඩු පිට ගමන් කළ නොහැකි බවද ප්‍රකාශ කරයි.

මේ අතර ජල ගාස්තු වසර 10කින් පමණ වැඩි කර නැතැයි ජල සම්පත් මණ්ඩලය පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්