ගෝටාබය ඔයා සිංහල භාෂාවත් කෙළෙසුවා – ජගත් මණුවර්ණ

ගෝටාබය ඔයා සිංහල භාෂාවත් කෙළෙසුවා – ජගත් මණුවර්ණ

අද පාරට බැහැලා සෞභාග්‍යයේ තියෙන ලස්සන සිංහල වචනය කියන්න බැරි තරම් ගෝටාබය රාජපක්ෂ සිංහල භාෂාවත් කෙළසා ඇති බව ප්‍රවීන රංගණ ශ්‍රිල්පී ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ජගත් මනුවර්ණ පැවසීය.

ජනතාව ගොනාට අන්දා බලයට පැමිණි ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව අද එම ජනතාව පෝළිම්වල තබා එදා වේල හොයාගන්න බැරි මිනිසුන් බවට පත් කර දරුවන්ට විභාග ලියන්න කඩදාසියක් පවා නැති තත්වයට පත්කර තිබෙනවා. ගෝටාබය බලයට පත් කරන්න ඡන්දය දුන් අයට ශ්‍රේෂ්ඨ අරමුණක් තිබුණා. නමුත් ඒ ඡන්ද දායකයන්ගේ ශ්‍රේෂ්ඨ අරමුණ ගෝටාබය රාජපක්ෂ විනාශ කර දැම්මා. ඒ 69 ලක්ෂයක් ජනතාව අපි ආදරයෙන් වැලඳගන්නවා. අප වටා එක්වන ලෙස ඒ සියලු දෙනාට අපි ආරාධනා කරනවා යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්