නඩුපිට නඩු තිබෙන දූෂිතයන් රට හදයිද – අනුර දිසානායක ප්‍රශ්නකරයි

නඩුපිට නඩු තිබෙන දූෂිතයන් රට හදයිද – අනුර දිසානායක ප්‍රශ්නකරයි

අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සර්වපාක්ෂික සමුළුවට සහභාගී වී සිටි පක්ෂ නායකයින් පිළිබඳව තොරතුරු හෙළිකරමින් ජාතික ජන බලවේගයේ විරෝධතා රැලිය ඇමතීම එම පක්ෂවේ නායක අනුර දිසානායක ආරම්භ කළේය.

“රට හදන්න ලබා ගන්නා යෝජනා සාකච්ඡාවක් අද (23) ජනාධිපති මන්ධිරයේ තිබුණා. ඒ සාකච්ඡාවේ සිටි එක් අයෙක් බැසිල් රාජපක්ෂ නඩු 07ක් අධිකරණයේ තිබෙන අයෙක්. අනික් කෙනා මහ බැංකුවෙන් කෝටි ගණන් හොරකම් කළ රනිල් වික්‍රමසිංහ. අනික් පැත්තෙන් ජනාධිපති වීම නිසා නඩුවලින් ගැලවුණු ගෝටාබය රාජපක්ෂ. හිටන් හුටන් කියලා ආමන්ත්‍රණ ලද කෙනාත් හිටියා. කඩා වැටුණ ග්‍රීසියේ බැඳුම්කරවල රටේ මුදල් යෙදවූ සේවක අර්ථසාදක අරමුදල කොටස් වෙළඳපොළට යෙදවූ අජිත් නිවාඩ් කබ්‍රාල් හිටියා. අවුරුදු 10ක් ජනාධිපති ධුරය දරා රට ණය උගුලග හිරකරලා කෝටි ප්‍රකෝටි ගණන් ගත්ත මහින්දත් හිටියා. මේ අය රට හදයිද?” යනුවෙන් ප්‍රශ්න කරමින් අනුර දිසානායක තමන කතාව ආරම්භ කළේය.

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මේ වනවිටත් ජන බල විරෝධතා රැලිය අමතමින් සිටී.

Facebook
Twitter
LinkedIn