ප්ලාස්ටික්, පොලිතින් වර්ග 08ක් තහනම් කරන ගැසට්ටුව ප්‍රමාදයි

ප්ලාස්ටික්, පොලිතින් වර්ග 08ක් තහනම් කරන ගැසට්ටුව ප්‍රමාදයි

ප්ලාස්ටික්, පොලිතින් නිශ්පාදන වර්ග 08ක් තහනම් කිරීමේ ගැසට් පත්‍රය සැකසීම නිලධාරීන් විසින් ප්‍රමාධ කරමින් සිටින බවත් ඒ අනුව ඊට අදාලව ගෙන ඇති ඇමති මණ්ඩල තීන්දුවද “හෑල්ලු” ‌කෙරෙමින් පවතින බවත් පරිසර ඇමති මහින්ද අමරවීර පවසයි.

එසේම ප්ලාස්ටික් හැඳි ගෑරුප්පු සහ අයිස් ක්‍රීම් කෝප්ප වෙනුවට නව විකල්ප නිෂ්පාදන හදුන්වාදීමට ඇතැම් බහුජාතික සමාගම් පියවර ගත් නමුත්, අදාළ ගැසට් පත්‍රය ප්‍රමාදවීම හේතුවෙන් එම සමාගම් මේ වනවිට ප්ලාස්ටික් වෙත යොමුවන බවට තමන්ට වාර්ථාවී ඇති බවද ඔහු පවසයි.

ඒ අනුව පරිසර අමාත්‍යංශයේ ඇතැම්ම් නිලධරීන්ගේ වැඩ කටයුතු ප්‍රමාදය ඊට හේතු වී ඇති බව පෙන්වාදෙන ඇමතිවරයා කඩිනමින් එම ගැසට් පත්‍රය සකස් කරණ ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් බවද පවසයි. මේ පිළිබඳව වැඩිදුරටත් පැහැදිලිකරමින් හෙතෙම සඳහන් කර සිටින්නේ, සැෂේ පැකට් හා දිරාපත් නොවන ලන්ච්ෂීට් තහනම අනුව අපට තවත් මාස තුනක් තුළ ඒවා 100%කින්ම අපේ රටෙන් තුරන් කිරීමට ලැබෙන බවය.

ඒ වගේම එම තහනමට සමගාමීව තවත් ප්ලාස්ටික් හා පොලිතින් නිෂ්පාදන වර්ග 08ක් තහනම් කිරීමට තමන් ඇමති මන්ඩල අනුමැතිය ලබා ගත් බවත් ඊට අදාල ගැසට් පත්‍රය සකස් කරණ ලෙස දැනුම් දුන්නද තවමත් එය ප්‍රමාදකර තිබෙන බවත් ඔහු සඳහන් කරයි.

ප්ලාස්ටික් හා පොලිතින්වලින් ප්‍රතිචක්‍රීකරණය කරනු ලබන්නේ 8%ක පමණ ප්‍රමානයක් බවත් ඉතිරි සියල්ලම පරිසරයට එක් වන බවත් ඇමතිවරයා සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්